අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?

හ්ම්.... හොඳ මාතෘකාවක්,

     අන්තර්ජාලයෙන් මුදල් උපයන එකනම් හොදවැඩක් තමයී. ඒත් අන්තර්ජාලයෙන් මුදල්  සෙවිමට ගොස්  මංමුලාවෙන එක නම් හොදවැඩක්  නොවෙයි. මොකද ලෝකයේ සිටින හොදම හොරු , කපටි කෛරාටිකයින්, මුලා කරන්නන්  සල්ලාලයින්, ඉන්නෙත්  ඔතනම තමයි. ඒ වගේම අධ්‍යාපනය ලැබීමටත්, දැනුම බෙදාහදා ගැනීමටත්, හිත මිතුරන් ආශ‍්‍රය කිරිමටත්  මේ  අන්තර්ජාලය අපට උදව් වෙනවා.
සෑම දේකම හොද 50 කුත් නරක 50 කුත් තියෙනව, එනිසා අපි ඒ හොද පැත්ත තෝරගත්තම කිසිම ප‍්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ.

    ඉතින් එහෙනම්  අපි බලමු. අන්තර්ජාලයෙන්  මුදල් උපයන්නේ කොහොමද කියල ක‍්‍රමානුකුලව. ඊට කලින් තව එකක්  කිව යුතුමයි.  ඉන්ටර්නෙට් එකෙන් මුදල් හොයනවා කියන්නෙත් වෙනත් රැකියාවක් කරනව වගේම  ටිකක් මහන්සි වෙලා කල යුක්තක්. එහෙම නැතුව ඉන්ටර්නෙට් එක කියන්නේ  ඕන විදියට සල්ලි ගන්න පුළුවන්  සල්ලි ගුහාවක් නම් නෙමෙයි.

    නොයෙක් ලෙසින් දැන්වීම් දමන  මිනිසුන් මුලා කරන්නන්ට හසුවෙලා අමාරුවේ වැටෙන්නත් එපා. මාසිකව ලක්ෂ ගණන් හොයන්න පුලූවන්  කියලා දැක්කම  සමහරුන් යනවා  දහදාහක්වත්  හොයාගත්තොත්  මදි ද  කියල. අන්තිමට  අතේ තිබුණ පන්දාහ දහදාහටත් දෙවියන්ගේම පිහිටයි.

   දැනට  අවුරුදු දෙක හමාරකට  කලින් අන්තර්ජාලයෙන්  මුදල් උපයන  හැටි ලංකාව පුරා ප‍්‍රසිද්ධ කරන්නට යෙදුනේ දක්ෂිණ  තොරතුරු  තාක්ෂණ මධ්‍යස්ථානයෙන් හැරුණම තවත් එක් ආයතනයකින් පමයි.

දැන් මෙය පැතිරී යන වසංගතයක් වෙලා. එනිසා අප තීරණය කලා බොහෝ   දෙනෙකුගේ යහපත පිණිස ලිපි පෙළෙක් මාර්ගයෙන් අන්තර්ජාලයෙන් මුදල් උපයන  සාර්ථක ක‍්‍රම පිළිබදව සරලව කරුණු කියාදීමට.  මේ තුලින් අපගේ අන්තර්ජාල රැකියා පුහුණුව ලබාගත්   සියලු සාමාජිකයන්ටත් බොහෝ දේවල් ඉගෙන ගන්න පුඵවන්. විශේෂයෙන් ඔවුන්ගේ ගැටලු කෙරෙහි  අප විශේෂ අවධානයක් මෙහිදී යොමු කරනව.

එහෙනම්  මුලින්ම කාටත් කරන්න පුලූවන් සරලම වැඩකින් පටන් ගමු. 

 

දැන්වීම්  නැරඹීමෙන් මුදල්

 ඔබ මෙහි  පහළ ලියන ඔබේ අවංක අදහස්  හා ප‍්‍රතිචාර  අප අගය කොට  සලකන අතරම  තවත් කෙනෙකූට  වැදගත් වන දෙයක් ලිවීමෙන්  ඔබද මේ ලෝකයට හිතවත් පුද්ගලයෙක්ම  වෙයි.


Comments

New comments are currently disabled.