All Articles
- පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
- වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු
- විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1
- මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- ඔබට මුදල් නොගෙවන ව්‍යාජ (Scam) PTC Sites
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක්‍රම 1
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඩේටා එන්ටි්ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- ජන්ගම දුරකථනවලින්....
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- 4-2-2011
- Categorized in: Google ඇඩ්සෙන්ස්
Google දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ ප‍්‍රචාරය කිරීම
Google Adsense වෙත ගොස් තමන්ගේ වෙබ් අඩවි ලියාපදිංචි කිරීමෙන් ඕනෑම වෙබ් අඩවි හිමිකරුවෙක්ට සරලව දැන්වීම් තම වෙබ් අඩවියේ දමා ගැනීම සිදු කර ගත හැකියි. එය ක‍්‍රියා කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු.
වැඩසටහන හා සම්බන්ධ වීමෙන් පසුව, වෙබ් අඩවියේ HTML ප‍්‍රභව කේතයට (HTML Source Code එකට) යෙදිය යුතු කෙටි කේතයක් ඔබට ලැබෙනව. (එය සරලයි. එය කළ යුතු ආකාරය ගැන විශේෂ උපදෙස් ඔබට ලබා දෙයි.) මෙම HTML කේතය ඔබේ වෙබ් අඩවියේ දක්නට ලැබෙන වගන්ති හෝ ඊට අනුරූප දැන්වීම් ඇති කරනවා. මෙම වැඩසටහනේ විශිෂ්ඨත්වය නම් ඔබේ නරඹන්නන්ට දක්නට ලැබෙන බොහොමයක් දැන්වීම් ඔබේ වෙබ් අඩවියේ අන්තර්ගතයට අදාල වීමයි.
Google හි alogorithm ගණිත ක‍්‍රමය මගින් ඔබේ වෙබ් අඩවියට බාර දෙන වෙළඳ දැන්වීම් සමඟ ඔබේ වෙබ් පිටුවේ මාතෘකාව ගළපනු ලබනවා. ඔබේ වෙබ් පිටුව සංගීතය පිළිබඳව සඳහන් වී ඇත්නම්, නරඹන්නන් බලන්නේ සංගීතයට අදාල දැන්වීම් දෙසයි. එය වෙබ් අඩවි නිර්මාණය පිළිබඳව සඳහන් වී ඇත්නම් ඔවුන් වෙබ් අඩවි නිර්මාණයට අදාල දැන්වීම් දෙස බලනවා. මෙලෙස වෙබ් අඩවි භාවිතා කරන්නන් ඔබේ වෙබ් අඩවියේ විෂයට අදාල අනුග‍්‍රාහක දැන්වීම් ප‍්‍රදර්ශනය කිරීම නිසා දැන්වීමෙහි ප‍්‍රයෝජනවත් බව අනුව ඉතා ඉහළ Click කිරීමේ අනුපාතයක් ලබා ගත හැකි වෙනව.
නමුත් ඔබේ වෙබ් අඩවිය Click කිරීම් පිළිබඳ වංචාවකට සම්බන්ධ වේනම් Google සමාගම විසින් ක්‍ෂණික ව ඔබේ ගිණුම කිසිදු කරුණු පැහැදිලි කිරීමකින් තොරව අවසන් කරන්න ඉඩ තියෙනවා.
Google සමාගම ඔබට නියම කරන ලද කොමිස් අනුපාතිකයක් ලබාදීම සඳහා නීතියෙන් කැප වෙලා නැහැ. ප‍්‍රතිපත්තියක් ලෙස දෙන ලද ඕනෑම කාලයකදී, ඔවුන්ගේ කැමැත්ත අනුව ඔබේ කොටස අඩු කිරීමටත් ඔවුන්ට හැකියාව තිබෙනවා. ඔබේ දැන්වීම් ආදායම මාසයෙන් මාසයට වෙනස් විය යුතු වෙනවා. ගෙවීම් සිදු කරන්නේ නරඹන්නන් ඔබේ අඩවියෙන් දැන්වීම් බලා එතුලින් දැන්වීම්කරුවන්ගේ වෙබ් අඩවියට පැමිණෙන විටයි.
සැබවින්ම ඔබ දැන්වීම් වලින් මුදල් උපයන්නේ කොහොම දැයි අපි දැන් බලමු.?
නරඹන්නන් ඔබේ වෙබ් අඩවියට පැමිණ Google සමාගමෙන් දෙන ලද දැන්වීම් වලින් එකක් මත Click කරන සෑමවිටකම ඔබට ගෙවීමක් කරනු ලබනවා. මෙහිදී නරඹන්නන්ට යම් දෙයක් මිලට ගැනීමට, ආකෘති පත‍්‍ර පුරවා දැමීමට හෝ සැබෑ හේතුවකට Click කිරීමට පවා අවශ්‍ය නැහැ. වැඩි පිරිසක් ඔබේ දැන්වීම් මත Click කරන තරමට වැඩි මුදලක් ඔබට උපයා ගත හැකියි.
දැන්වීම් චක‍්‍රය ක‍්‍රියා කරන අයුරු දැන් බලමු.
* දැන්වීම්කරු Google වෙතින් Campaign මිලදී ගන්නවා.
* Google සෙවුම් යන්ත‍්‍ර (Google Search Engine ) හෝ Google හි හවුල්කාර සංයුක්ත වෙබ් අඩවි හරහා ව්‍යාපාර (Campaign) බාර දෙනවා.
* දැන්වීම්කරු සෑම පාරිභෝගික Click එකක් පාසාම ගෙවනවා. ඒ කියන්නේ ඔබ ඔවුන් වෙත එවන එක් එක් නරඹන්නෙක් පාසා ඔවුන් ඔබට ගෙවනවා.
* පසුව ඔබට Google ජාලයේ සාමාජිකයෙක් ලෙස එම Click කිරීමේ වටිනාකමෙන් සාර්ථක කොටසක් ලැබෙනවා.
ඇත්තෙන්ම මෙහිදී ඔබට කොපමණ ඉපයිය හැකිද?
එය ඔබේ වෙබ් අඩවියේ ගනුදෙනු ප‍්‍රමාණය, ඔබේ CTR අගය (Through Rate- Click කිරීමේ අනුපාතය), ඔබේ වෙබ් අඩවියේ විෂය වැනි කරුණු මත රදා පවතිනවා.
මිලියන ගණනක් වෙබ් අඩවි (සුළු හා මධ්‍ය පරිමාණ ඒවා ඇතුළුව) තමන්ගේ ප‍්‍රාථමික ආදායම් ප‍්‍රභවය ලෙස Adsense වැඩසටහන් භාවිතා කරනවා. එසේම තමන්ගේ වෙබ් අඩවියේ දැන්වීම් ප‍්‍රචාරය කිරීමට බලාපොරොත්තු වන වෙබ් අඩවි හිමිකරුවන්ගේ ජනප‍්‍රිය තේරීම ද එයයි.
කොහොමද මුදල් ලබා ගන්නේ ?
සාමාන්‍යයෙන් මසකට වරක් චෙක් පතකින් ඔබට ගෙවනවා.
Google Adsense වැඩසටහන පිළබඳ සම්පූර්ණ විස්තර ලබාගන්න.
* YPN (Yahoo Publisher Network )- වෙළඳ පොලේ Google සමාගමට සිටින ශක්තිමත් ප‍්‍රතිවාදියෙක්.
* Adbrite - ප්‍රකාශකයන්ට දැන්වීම් අවකාශ මිලට ගැනීමට හා විකිණීමට හැකියාව ඇති අන්තර්ජාල දැන්වීම් කඩමණ්ඩියක්
* Bidvertiser - තවත් PPC(Page Per Click දැන්වීම් සපයන්නෙක්
* Clicksor - පද සම්බන්ධයක් සහිත දැන්වීම් සඳහා විකල්ප ජාලයක්


