All Articles
- පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
- වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු
- විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1
- මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- ඔබට මුදල් නොගෙවන ව්‍යාජ (Scam) PTC Sites
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක්‍රම 1
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- ජන්ගම දුරකථනවලින්....
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
ඩේටා එන්ටි‍්‍ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- 11-8-2010
- Categorized in: අන්තර්ජාල මුදල්

මේක නම් දැන්විම් ක්ලික් කරනවා වගේ ලේසින් කරන්න පුලූවන් දෙයක් නොවෙයි. හොද අවබොධයක් ඇතිව කල යුත්තක්. එනිසා ඉංග‍්‍රිසි ගැන හොද අවබෝධයකුත් පරිගණක ක්‍ෂෙත‍්‍රයේ විශේෂ හැකියවක් හෝ හැකියාවන් කිහිපයක් තිබිමත් ඔබට අත්‍යාවශ්‍ය වෙනවා.
එනිසා මේක කරන්න පුලූවන් අය විතරක් කරන්න. ඬේටා එන්ටි‍්‍ර රැකියා විකුණන අයගේ මුලා කිරිම් වලට හසු වෙලා අමාරුවේ වැටෙන්නත් එපා. ඇත්තටම මෙය හදුන්වා දෙන්නෙත් අපේ රටේ ලමයි බොහෝ දෙනෙක් මේ ගැන නොදැන අමාරුවේ වැටෙන නිසයි.
ඔබට දක්ෂතාවය තිබෙනවනම් නොමිලේම ඬේටා එන්ටි‍්‍ර රැකියා කරන්න පුලූවන්. ලියාපදිංචි විම් වලට මුදල් ගෙවන්න අවශ්‍ය නැති, ලොකයේ හොදම රැකියා සපයන ආයතන කිහිපයක් අප මෙහිදි ඔබට හදුන්ව දෙනවා.
ODESK, ELANCE කියන්නේ ඒ අතර ප‍්‍රධානම අයතන දෙකක්. මෙම ආයතන වල නිසියාකරව ලියාපදිංචි වෙලා වැඩ කලාට පස්සේ හොද මුදලකුත් ගන්න පුලූවන්.
ලියාපදිංචි විමේදි ඔබ මෙම රැකියා කිරිමට සුදුසුදැයි බැලිමට ඔවුන් Online පරික්ෂනයකුත් තියෙනවා. එහිදි ඔබ එම විභාගයෙන් සමත් විය යුතුයි. ඉන් පසුව ඔබ රැකියා කිරිමට සුදුසු කම් ලබනවා. සමහරු කියන්නේ අපි මේ විභාගේ පාස් කරලා දෙනවා අපට සල්ලි දෙන්න කියලයි. කවුරු විභාගේ පාස් කරලා දුන්නත් වැඩ කල යුත්තේ ඔබනේ.
ලංකාවේ එහෙම නුසුදුස්සෝ රැකියා කරාට පිටරට අයත් එක්ක ඒ සෙල්ලම් බෑ. ඒ නිසා ඒ මෝඩ වැඩ කරන්න යන්න එපා. එහෙම කරලා ඔබ Black List උනාට පස්සේ ආයෙත් ඔබට ඔවුන්ගෙන් කවදාවත් වැඩ ගන්නත් බෑ.
මෙම ODESK වැනි ආයතන කරන්නේ රැකියා එජන්සියක් පවත්වාගෙන යෑම වගේ වැඩක්. තමන්ට වැඩ කරවා ගැනිමට අවශ්‍ය පිරිසක් එක් පැත්තකින් මෙහි සිටිනවා වගේම රැකියා කිරිමට හැකි ඔබ වගේ පිරිසක් තවත් පැත්තකින් ඉන්නවා. ඉතින්, මට මේ වැඩය කරගන්න අවශ්‍යයි කියු විට එය කර දීමට ඔබ මෙන්ම තවත් අය ඉදිරිපත් වෙනවා. එහිදි සුදුසු එක් අයකුට හෝ කිහිප දෙනකුට එම වැඩ කොටස එහි අයිතිකරු විසින් බාර දෙනවා.
තවත් එකක්, අපි වැඩක් බාර ගත්තම කලට, වේලාවට, හොදට ඒ වැඬේ කරලා දෙන්නත් ඔනේ. එහෙම නැති උනොත් ඔබට ආයෙත් කවුරුවත් වැඩ දෙන්නේ නෑ. සමහර සොෆ්ට්වෙයාර් හරහා, අප නියමිත පරිදි වැඩ කොටස කරනවාද බැලිම සදහා, අපගේ පරිගණකයේ වර්ථාවක් ඔවුන් වෙත සෑම පැය කාලකට වරක්ම යැවෙනවා. එනිසා කාටවත් බොරු කරන්න බෑ. අපි පැය 8 ක් වැඩ කරනවා කිවුවොත් එය හරියට කරන්න ඕන. හැබැයි අපේ වැඬේ හොදට කලාට පස්සේ හොදට මුදල් ගෙවනවා.
මුදල් ගැනිම සදහා එම ආයතන හරහා ඔබට ඬේබිට් කාඞ් එකකුත් නොමිලේම ගන්න පුලූවන්. එ වුනාට නිකන් දෙනවා කියලා මෙහි වැඩ නොකරන අය මෙම ඬේබිට් කාඞ් ලබා නොගන්නා ලෙස අප ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මොකද මෙසේ අනව්‍ය ලෙස බොහෝ අය නිකරුනේ ඬේබිට් කාඞ් ගෙන්වා ගැනිම නිසා ලංකාවට ඉදිරියේදි ඔවුන් මෙම කාඞ් නොදෙන්නත් පුලූවන්. එය එහෙම උනොත් ඔබේ දුවෙකුටවත් පුතෙකුටවත් ඉදිරියේදී මෙම කාඞ් එක්ක ගෙන්වා ගන්න බැරි වෙයි.
අනිත් එක මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගත්තා කියලා අපට ඕන ඕන විදිහට මුදල් හුව මාරු කරන්නත් බෑ. එවායෙන් මුදල් ලබා ගත හැක්කේ, එම අයතනවල වැඩ කිරිමෙන් පසු පමණයි. එනිසා ඔබ සුදුසු තත්වයට ආවට පස්සේ මෙම ඬේබිට් කාඞ් ගෙන්න ගන්න. ඔබ ඔබට අවංක වෙන්න. ඉතින් මේ සියල්ලම අපි ඉතා සරලව කෙටියෙන්, තේරෙන භාෂාවෙන් ඔබට කිවුවෙත් ඔබේ හා රටේ යහපත වෙනුවෙන් මයි. කාටවත් මඩ ගැසිමට නොවෙයි. එහෙනම් තවත් විස්තර ඉදිරියේදි කතා කරමු.
මෙන්න ONLINE රැකියා සපයන හොදම ආයතන දෙකක්.
The On Demand Global Workforce - oDesk
වැඩි විස්තර සදහා http://www.sitcweb.com/oDesk.php




