All Articles
- පෙර මග සුභ ලකුණුය, එහෙත් ගමන සීරුවෙන්ය
- වෙබ් Affiliate තුලින් ඇති තරම් මුදල් සොයමු
- විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -2
- e-Bay ඔස්සේ බඩු බාහිරාදිය විකිණීමෙන් මුදල් උපයන අයුරු -1
- මුදල් ගෙවන සමීක්ෂණ (paid surveys) ලබා ගැනීමෙන් මුදල්
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 2
- ඔබේ වෙබ් අඩවියේ දැන්වීම් පළ කිරීමෙන් මුදල් උපයන අයුරු 1
- ඔබට මුදල් නොගෙවන ව්‍යාජ (Scam) PTC Sites
- e money වැඩසටහන් සම්බන්ඬව ඔබ දැනුවත්ද?
- අන්තර්ජාලය නොමැති වූවද මුදල් ඉපයීමේ ක්‍රම 1
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 2
- ඔබේ වෙබ් අඩචි වලින් මුදල් ඉපයීම සදහා දැන්වීමි ලබාගත හැකි හොදම ආයතන
- Google ඇඩ්සෙන්ස් ගැන 1
- ඩේටා එන්ටි්ර රැකියා සහ නොමිලේ ඩෙබිට් කාඩ්
- ජන්ගම දුරකථනවලින්....
- අන්තර්ජාල බැංකූ ගිණුම්
- දැන්වීම් නැරඹීමෙන් මුදල් 1
- අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
විද්‍යුත් තැපැල් පණිවුඩ කියවීමෙන් මුදල් ඉපයීම
- 5-9-2011
- Categorized in: අන්තර්ජාල මුදල්
අනුග්‍රාහක විද්‍යුත් තැපැල් පණිවුඩ (sponsored E-mail) කියවීමෙන් මුදල් ඉපයීම
සමහර අන්තර්ජාල සමාගම් අනුග්‍රාහක දැන්වීම් ලබාගැනීම හා කියවීම වෙනුවෙන් ඔවුන්ගේ විද්‍යුත් තැපැල් පණිවුඩ හරහා භාවිතා කරන්නන්නට මුදල් ගෙවයි.
මුදල් ගෙවන E-mail යනු මොනවද?
කියවන ලද E-mail සඳහා මුදල් ගෙවන වැඩසටහන් මගින් ඔවුන්ගේ සාමාජිකයින්ට මුදල් ඉපයීමට අවස්ථාව සලසා දෙයි. මෙම දැන්වීම්වල අන්තර්ගත වන්නේ වාණිජ්‍යයට දිශානත වූ තොරතුරු හා විවිධ නිෂ්පාදන හා සේවා පිලිබඳ දැන්වීම්ය.
භාවිතා කරන්නා කළ යුතු වන්නේ ඒවා කියවීම සහ අනතුරුව පිළිතුර දීම,ස්ථිර කිරීමේ (confirmation) link මත click කිරීම, වෙබ් අඩවියක සැරිසැරීම හෝ කෙටි ප්‍රතිපෝෂණ ආකෘති(Short Feedback Form) පුරවා දැමීමයි.
එය ක්රියා කරන්නේ කෙසේද?
"කියවීමට ගෙවීම" (paid to read) සේවාවන් මගින් දැන්වීම්කරුවන් සහ තමන්ගේ පෞද්ගලික පරිඝනක භාවිතයෙන් අතිරේක ආදායමක් උපයා ගැනීමට අවශ්‍ය අන්තර්ජාල භාවිතා කරන්නන් සම්බන්ධ කරයි.තමන්ගේ වෙළඳ පණිවුඩ සඳහා ඉක්මන් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට දැන්වීම්කරුවන් කැමැත්තක් දක්වනවා. ප්‍රසිද්ධ කරවීම් සහ කියවීම් කාලය වෙනුවෙන් භාවිතා කරන්නන්ට ප්‍රතිඵල හා ත්‍යාග ලැබෙනවා.
මූල්‍යමය තෑගි වෙනුවෙන් සෙවුම්කරුවන් spam කිරීමට ලක්වීමට කැමති වන අවස්ථාවලදී, මූලිකවම මෙම පද්ධතිය අඩු හෝ වැඩි වශයෙන් අනුමැතිය පාදක කරගත් spam කිරීම් (“permission-based spam” )ලෙස ක්‍රියා කරයි. මක්නිසාද යත් දැනට ඇති පෞද්ගලික Inbox එක වෙනුවට සියලු අනවශ්‍ය පණිවුඩ යන Gmail, hotmail, Yahoo වැනි මුදල් ගෙවීමට අවශ්‍ය නැති අන්තර්ජාල සේවාවක් මගින් නවතම mailbox එකක් විවෘත කිරීම නුවණට හුරු නිසයි.
දිනකදී කොපමණ E-mail ප්රමාණයක් ඒවිද?
සරල පිළිතුරක් නැත.
එය සමාගමෙන් සමාගමට වෙනස් වන අතර ඔබේ user profile එකෙහි අන්තර්ගත කරන පෞද්ගලික තේරීම් මත එය රඳවා පවතී.
ඇත්තෙන්ම කොපමණ ඉපයිය හැකිද?
එය විවිධ හේතුන් මත රඳා පවතී.
ඔබ සම්බන්ධ වන කියවන ලද E-mail වලට ගෙවන වෙබ් අඩවි වැඩි වන තරමට (ඔබ sign-up වන සේවාවන් වැඩිවන තරමට) වැඩි මුදලක් ඔබට ඉපයිය හැකියි.
දැන්වීම්කරුවන්ගේ අනුග්‍රාහක E-mail කියවමින් ඔබ ඔබේ පෞද්ගලික පරිඝනකයේ ගත කරන කාලය.
සෑම E-mail එකක් සඳහාම දන්වීම්කරුවා විසින් ඔබට කොපමණ මුදල් ප්‍රමාණයක් ගෙවනවාද යන්න.
ඔබ භාවිතා කරන සේවාවට යහළුවන් කීදෙනෙක් අදාළ වෙනවාද යන්න. ඔබට බොහෝ දෙනෙක් අදාළ කරගත හැකි නම් නිසැකවම ඔබේ ඉපයීම් මට්ටම වැඩි දියුණු කරගත හැකියි.
සාමාන්‍යයෙන් ඔබ කියවන සෑම E-mail එකකටම ඩොලර් 0.01-0.05 ක් පමණ ඔබට ලැබෙන නමුත් සමහරු ඊට වැඩියෙන් ගෙවනවා. භාවිතා කරන්නන්ගෙන් 95%ක් මාසයකට ඩොලර් 75-150 කට වඩා උපයන්නේ නෑ. (මහන්සි වී වැඩ කරන) ඉතිරි 5% දෙනා වැඩියෙන් උපයනවා.
මෙම ක්‍රමය පාවිච්චි කරන පුද්ගලයන්ගෙන් 95% ක් පමණ එසේ කරන්නේ නෑ.මුදල් ගෙවන E-mail වැඩසටහනකට සහභාගී වීමෙන් අතිරේක මුදලක් උපයා ගැනීමට හැකි වුවත් එය පූර්ණ කාලීන ආදායමකට සමාන කළ නොහැකියි.
කොහොමද මුදල් ලබාගන්නේ?
සාමාන්‍යයෙන්,චෙක් පතක් හෝ paypal එකක් හරහා ඔබට ගෙවීම් කරනවා.
වියදම් වෙනවාද?
නැහැ, කිසිවකට ගෙවීමට සිදු වන්නේ නෑ.
කියවන ලද E-mail වලට මුදල් ගෙවන වෙබ් අඩවිවලට උදාහරණ:-
ඔබට ආරම්භ කළ හැකි (paid to read) සමාගම් කිහිපයකට උදාහරණ පහත දැක්වේ.ඒවා පරීක්ෂා කිරීමටත්,එය ඔබට ප්‍රයෝජනවත් වන ආකාරය සොයා බැලීමටත් ඔවුන් ඔබට බලය දෙනවා.
සියලු පිරිනැමීම් 100% ක් නොමිලේ.
http://www.sendearnings.com/
http://www.cash4offers.com/
http://www.sunshinerewards.com/


