Google ඇඩ්සෙන්ස් ගැන 1

අද  හදුන්වල දෙන  මාතෘකාව නම් කවුරුත් හොදට අහල පුරුදු මාතෘකාවක්, නමුත් මෙම ලිපිපෙළ ලියන්නේ විශේෂයෙන්ම දක්ෂිණලංකා හි සාමාජිකත්වය ලබාගත් අප හිතවත් සියලු දෙනා වෙනුවෙනුයි.

          ඉතින්  ඔබට  බ්ලොග් අඩවියක් හරි වෙනත් වෙබ් අඩවියක් හරි  හදාගන්න හැටි අපි  කියල දීල තියෙනවනෙ, බොහෝ දෙනෙකුට මතුවන ගැටලූවක් තමයි Google ඇඩ්සෙන්ස් ගිණුමක්  හදාගන්න එක.  දැන් ආසියාතික  රටවලට ඇඩ්සෙන්ස් දෙන එක  බොහෝ දුරට සීමාකරලයි තියෙන්නෙ. ඒකට  නම් හේතු කිහිපයක්ම  තියෙනව.

    ලන්කාව, ඉන්දියාව,  පකිස්ථානය, බංගලාදේශය වැනි රටවල  අය අනවබෝධයෙන්  මෙහි වැඩ කිරීම හා වැරදි ලෙස දැන්වීම් ක්ලික් කරවා ගැනීමට පෙළඹීම  ඊට  ප්‍රධානම හේතුවක්.

  බ්ලොග් එකේ හරි, වෙබ් අඩවියේ හරි  ගුණාත්මක  භාවයක් නැතිවීම තවත් හේතුවක්,

    තම වෙබ් පිටුවට පැම්ණෙන  (visitors)  අයගේ ඌණතාවය ද ඇඩ්සෙන්ස් ලබා නොදීමට  බලපාන තවත් හේතුවක් වෙනව.

      මෙවැනි හේතුන් නිසා තමයි ගුගුල් ඇඩ්සෙන්ස් අපිට ටිකක් ගන්න අමාරු වෙන්නෙ.

 නමුත්  හොද වෙබ් අඩවි වලට හා  බ්ලොග්  වලට ඇඩ්සෙන්ස් ගන්න අමාරුත් නැති බව මතක තියාගන්න.

        එනිසා අපි පළමුවෙන්ම හොද බ්ලොග් එකක් හරි හදාගන්නෙ කොහොමද කියලා දැන් බලමු.

       බ්ලොග් එකක් කරනව කියන්නේ හරියට  දින පොතක් පවත්වාගෙන  යනවා වගේ වැඩක්. ඒකේ ඇතුලත් කරන  තොරතුරු අපිට දිනපතා හෝ සතියකට   වරක්  එහෙමත්  නැතිනම් මාසිකව වරක් ආදි වශයෙන් අලුත්ත් කරගෙන යන්න පුලුවන්.

කවුරුවත් එක දවසකින් දින පොතක් ලියන්නෙ නෑ වගේ  එක දවසෙන්ම බ්ලොග් එක  ලියලා  ඉවර කරන්නෙත් නෑ.

ගුගුල් ව්සින් ලබාදෙන Blogger   හරහා  බ්ලෝග්  අඩවියක්  පහසුවෙන්  නොමිලේම හදාගන්න  හැට් අපගේ  CD වල  කියාදී ඇති බැව්න් මෙහිදී ඒ ගැන කිව යුතු නෑනේ.

      මෙම බ්ලොග්  අඩවියට ඔබ යෙදු නමට  අවසානයේ  blogspot.com   යනුවෙන්  සදහන් ආකාරයට බ්ලෝග් එකක්  ඔබට ලැබුනානේ.  ඉස්සර නම් මේකට මොනවා දැම්මත්  ඇඩ්සෙන්ස් අනුමත වෙනව. දැන් නම්  එහෙම බෑ. මේ සදහා හොද අන්තර්ගතයක් තියෙන්න ඕනි.

        මුලින්ම  හොද  මාතෘකාවක්  (keyword)   එකක් තෝරගන්න. එය ඔබට  දිගු කලක් ලියන්න පුලුවන් මාතෘකාවක්  වීම පසුවට   ඔබට  පහසුවක්  වෙයි. එමෙන්ම එම මාතෘකා, ඔබගේ විනෝදාස්වාදයට, අධ්‍යයාපනයට,  රැකියාවට අදාල මාතෘකා වෙන්න පුලුවන්.    උදාහරණයක්  ලෙස  Bollywood actress කියන මාතෘකාව   ගත්තොත් ඒ ගැන (update) අලුත් තොරතුරු  සතිපතා  වුවත් blog   post වලට දාන්න  පුලුවන්.

බ්ලොග් ලිවිය යුතු භාෂාව නම් ඉන්ග්‍රීසි භාෂාවෙන් විය යුතුයි. සින්හල යුනිකෝඩ් වලට Google ඇඩ්සෙන්ස් අනුමත වෙන්නෙ නැහැ. (ඒ වුනාට සින්හල බ්ලොග් ලියන එකත් හොඳ වැඩක්.)

    තවත් වෙබ්   අඩවියක තියෙක ටික  එහෙම්ම  කොපි කරල දාන්නත් එපා. වෙබ්   අඩවි වලින්  තොරතුරු   රැස්කරගත්තට කමක් නෑ.  නිර්මාණය  ඔබේම  එකක් ව්ය යුතුයි.

  ගොඩාක් ව්ස්තර නැතිවුනාට   කමක් නෑ ලියන ට්ක  කාටත් කියවන්න   හිතෙන ව්දියට  දමන්නට හැකි තරම්  උත්සාහ කරන්න.  පින්තුර සහ වීඩියෝ ආදියත් ඒකට  දමන්න පුලුවන්. 

මේ අකාරයට අඩුම තරමින්  blog post  20ක් වත් ඔබේ  blog අඩවියට ඇතුලත් කරගන්න.  එතෙක් ඇඩ්සෙන්ස් ඉල්ලන්න එපා.

  ඒවගේම බ්ලොග් එකට පමිනෙන පිරිසද වැඩි කරගත යුතුමයි. ඒක කරගන්නෙ කොහොමද කියල ඉදිරියේදී කියන්නම්.  මුලින්ම බ්ලොග් එක හරියට හදාගෙන යන්න.

 පහල තියෙන්නෙ හොඳ තත්වයේ බ්ලොග් කීපයක්.

 http://housemus1c.blogspot.com/

http://learn--photoshop.blogspot.com/

http://bollywoods-news.blogspot.com/

http://blog-cancer.blogspot.com/

http://ontd-comedy.blogspot.com/

http://stealstyle.blogspot.com/

http://coolpras4u.blogspot.com/

 


Comments

New comments are currently disabled.